ප්‍රතිලාභ ක්‍රියාත්මක වන ආකාරය ආදායම WhatsApp දැනුම්දීම් නිතර අසන ප්‍රශ්න නොමිලේ ලියාපදිංචි වන්න
සංචාරකයින් පොල්කටු අත්කම් වැඩමුළුවකට සහභාගී වෙමින්

Hello Sri Lanka Partner Referral Programme

ඔබේ සංචාරකයින්ට හොඳම අත්දැකීම ලබාදී ඔබේ ව්‍යාපාරයට අමතර ආදායමක් එකතු කරගන්න

  • 30% දක්වා අමතර ආදායමක්
  • නොමිලේ ලියාපදිංචිය
  • ඔබේම QR Code එකක්
  • WhatsApp ක්ෂණික දැනුම්දීම්

ඔබ හෝටලයක්, විලා එකක්, කැෆේ එකක්, සෆාරි හෝ ටැක්සි රථ සේවාවක්, සංචාරක ආකර්ෂණ ස්ථානයක් හෝ වෙනත් ඕනෑම සංචාරක සේවාවක් පවත්වාගෙන යන අයෙක්ද?

ඔබ වෙත පැමිණෙන සංචාරකයින් අද අපිට කරන්න හොඳ දෙයක්, බලන්න යන්න හොඳ තැනක් කියන්න කියලා ඔබෙන් නිතරම අහනවා නේද? මෙතෙක් කල් ඔබ නොමිලේ දුන් ඒ වටිනා උපදෙසින් දැන් Hello Sri Lanka හරහා ඔබේ ව්‍යාපාරයට අමතර ආදායමක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා කිසිදු මූලික මුදලක් වැය වන්නේ නැහැ.

කාට එකතු විය හැකිද

ඕනෑම සංචාරක ව්‍යාපාරයකට එකතු විය හැක

  • හෝටල් සහ රිසෝට්
  • විලා සහ හෝම්ස්ටේ
  • කැෆේ සහ අවන්හල්
  • ස්පා සහ සුවතා මධ්‍යස්ථාන
  • සෆාරි සේවා
  • ටැක්සි සහ ප්‍රවාහන සේවා
  • සංචාරක මාර්ගෝපදේශකයින්
  • අනෙකුත් සංචාරක ව්‍යාපාර

ප්‍රතිලාභ

Hello Sri Lanka Partner කෙනෙක් වන්නේ ඇයි

සංචාරකයින් අප වෙත යොමු කිරීම මගින් ඔබට කිසිදු අමතර වෙහෙසකින් තොරව සාර්ථක අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කරගත හැක.

30%

30% දක්වා ආකර්ෂණීය අමතර ආදායමක්

සංචාරකයා වෙනත් ප්‍රවාහන සේවාවක් මගින් පැමිණියද ඔබේ QR Code එක හරහා Book කර ඇත්නම් ඔබට 10% ක අමතර ආදායමක් හිමිවේ. ඔබ විසින්ම සංචාරකයාගේ ප්‍රවාහන පහසුකම් සලසා දී අප වෙත යොමු කරන්නේ නම් ඔබට 30% ක අමතර ආදායමක් හිමිවේ.

ඔබේ කැමැත්ත පරිදි ආදායම ලබාගැනීමේ පහසුකම

එකතු වන මෙම අමතර ආදායම ආයතනයේ අයිතියට ලබාගැනීමට හෝ ආයතනයේ සේවකයින් අතර බෙදා දීමට Common Pool එකකට එකතු කිරීමට හැකියාව ඇත. ඔබේ ආයතනයේ කැමැත්ත පරිදි Hello Sri Lanka මගින් අදාළ මුදල ලබා දෙනු ලැබේ.

නොමිලේ ලබාදෙන සේවාවක්

ලියාපදිංචි වීමට හෝ සේවාවන් පවත්වාගෙන යාමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

ලස්සනට නිර්මාණය කළ QR Display එකක් සහ Sticker එකක්

ඔබේ ව්‍යාපාරයටම වෙන්වූ අලංකාර QR Display එක සහ Sticker එක අප විසින් නොමිලේ ලබාදෙනු ලැබේ. මෙය Reception Table එක මත තැබීමට හෝ සංචාරකයින්ට පහසුවෙන් පෙනෙන ස්ථානයක අලවා තැබීමට හැකියාව ඇත.

WhatsApp හරහා ක්ෂණික දැනුම්දීම්

ඕනෑම සංචාරකයෙකු ඔන්ලයින් හරහා Booking එක තහවුරු කළ සැනින් අදාළ QR code එක හිමි පාර්ශවය වෙත WhatsApp පණිවිඩයක් මගින් ක්ෂණිකව තොරතුරු ලැබෙනු ඇත.

පරිසර හා සමාජ හිතකාමී අත්දැකීම්

Hello Sri Lanka ආයතනය මූලික වශයෙන් ප්‍රවර්ධනය කරනු ලබන්නේ පරිසර හිතකාමී සහ සමාජ හිතකාමී අත්දැකීම් පමණි.

ක්‍රියාවලිය

ක්‍රියාත්මක වන ආකාරය

  1. ලියාපදිංචි වන්න

    Hello Sri Lanka Partner කෙනෙකු ලෙස මිනිත්තු කිහිපයකින් නොමිලේ ලියාපදිංචි වන්න.

  2. ඔබේ QR Display එක සහ Sticker එක ලබාගන්න

    අනුමැතිය ලැබුණු පසු ඔබේ ව්‍යාපාරයටම වෙන්වූ අලංකාර QR Display එක, Sticker එක සහ Referral Link එක ඔබට ලැබෙනු ඇත.

  3. QR Code එක ප්‍රදර්ශනය කරන්න

    ලැබෙන QR Display එක Reception Table එක මත තබන්න. නැතහොත් Sticker එක සංචාරකයින්ට පහසුවෙන් පෙනෙන ස්ථානයක අලවා තබන්න.

  4. සංචාරකයා Scan කර Book කරයි

    සංචාරකයා QR code එක scan කර පරිසර හා සමාජ හිතකාමී අත්දැකීම් අතරින් ඔහු කැමති අත්දැකීම ලබා ගැනීමට booking එකක් දමනු ලබයි.

  5. WhatsApp හරහා ක්ෂණික තහවුරු කිරීම

    සංචාරකයා ඔන්ලයින් හරහා Booking එක තහවුරු කළ සැනින් Hello Sri Lanka යාවත්කාලීන පද්ධතිය මගින් අදාළ QR code එක හිමි ඔබට WhatsApp පණිවිඩයක් ලැබේ.

  6. ක්ෂණික යාවත්කාලීන කිරීම් සහ ගෙවීම්

    සංචාරකයා නියමිත දිනයට පැමිණ අත්දැකීම ලබාගෙන අවසන් වූ සැනින් ඔබට හිමිවන මුදල කොපමණද සහ එය ඔබේ ගිණුමට බැර වන දිනය පිළිබඳ සියලු තොරතුරු එම මොහොතේම WhatsApp මගින් ඔබට ලැබෙනු ඇත.

QR Code එක සහිත මුද්‍රිත Display එකක්

QR Display

Reception Table එක මතම ඔබේ අමතර ආදායම

ඔබේ ව්‍යාපාරයටම වෙන්වූ අලංකාර QR Display එකක් සහ Sticker එකක් අප විසින් නොමිලේ ලබාදෙනු ලැබේ. සංචාරකයාට එය scan කර, පරිසර හා සමාජ හිතකාමී අත්දැකීම් අතරින් තමන් කැමති එකක් තෝරාගත හැක.

සෑම Booking එකක්ම ඔබේ QR Code එක හරහා හඳුනාගනු ලබන බැවින්, ඔබට හිමිවන ආදායම නිවැරදිව සටහන් වේ.

ආදායම

ඔබට හිමිවන අමතර ආදායම

ප්‍රවාහන පහසුකම් ඔබ විසින් සපයනවාද යන්න මත ආදායම තීරණය වේ.

10%

QR Code එක හරහා පමණක්

සංචාරකයා තනිවම හෝ වෙනත් ප්‍රවාහන සේවාවක් මගින් පැමිණියද, ඔබේ QR Code එක හරහා Book කර ඇත්නම් ඔබට 10% ක අමතර ආදායමක් හිමිවේ.

උදාහරණයක් ලෙස රු. 12,000 ක අත්දැකීමක් සඳහා

QR Code එක හරහා පමණක් රු. 1,200

විනිවිදභාවය

සෑම පියවරක්ම WhatsApp හරහා ඔබ දැනගනී

ඔබට කිසිවක් සොයා බලන්න අවශ්‍ය නැත. සෑම යාවත්කාලීන කිරීමක්ම ඔබේ දුරකථනයට ලැබේ.

  1. QR Scan
  2. Booking
  3. WhatsApp පණිවිඩය
  4. Experience Complete
  5. Commission Update

Booking එක තහවුරු වූ විට

සංචාරකයා ඔන්ලයින් හරහා Booking එක තහවුරු කළ සැනින් අදාළ QR code එක හිමි ඔබට WhatsApp පණිවිඩයක් ක්ෂණිකව ලැබේ.

අත්දැකීම අවසන් වූ පසු

සංචාරකයා නියමිත දිනයට පැමිණ අත්දැකීම ලබාගෙන අවසන් වූ සැනින්, ඔබට හිමිවන මුදල කොපමණද සහ එය ඔබේ ගිණුමට බැර වන දිනය පිළිබඳ තොරතුරු එම මොහොතේම ලැබේ.

මාර්ගෝපදේශිකාවක් සංචාරකයින්ට පොල්කටු අත්කමක් පැහැදිලි කරමින්

තෝරාගත් අත්දැකීම්

පරිසර හා සමාජ හිතකාමී අත්දැකීම් පමණි

Hello Sri Lanka ආයතනය මූලික වශයෙන් ප්‍රවර්ධනය කරනු ලබන්නේ පරිසර හිතකාමී සහ සමාජ හිතකාමී අත්දැකීම් පමණි. ඒ අනුව ප්‍රමුඛ පෙළේ තෝරාගත් ස්ථාන කිහිපයක සුවිශේෂී අත්දැකීම් රැසක් දැනටමත් අපගේ වෙබ් අඩවියට එකතු කර ඇත.

ඔබේ QR කේතය ස්කෑන් කිරීමෙන් ඔබටත් සංචාරකයාටත් ඒ පිළිබඳ සියලු තොරතුරු බලාගත හැකිය.

ඔබේ තේරීම

ආදායම ලබාගන්නා ආකාරය ඔබ තීරණය කරන්න

ආයතනයට සෘජුවම

එකතු වන අමතර ආදායම ආයතනයේ අයිතියට සෘජුවම ලබාගත හැක.

Common Pool එකකට

ආයතනයේ සේවකයින් අතර බෙදා දීම සඳහා Common Pool එකකට එකතු කළ හැක.

ඔබේ ආයතනයේ කැමැත්ත පරිදි Hello Sri Lanka මගින් අදාළ මුදල ලබා දෙනු ලැබේ. මෙය අනිවාර්ය නොවේ.

සහාය

නිතර අසන ප්‍රශ්න

ලියාපදිංචි වීමට මුදලක් වැය වෙනවාද

නැත. ලියාපදිංචිය, QR Display එක සහ Sticker එක ලබාදීම ඇතුළු සියලුම සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයේ.

Hello Sri Lanka හරහා ප්‍රවර්ධනය කරන්නේ කෙබඳු අත්දැකීම්ද

අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී සහ සමාජ හිතකාමී සංචාරක අත්දැකීම් පමණි.

අමතර ආදායම ගණනය කරන්නේ කෙසේද

උදාහරණයක් ලෙස රු. 12,000 ක වැඩසටහනකට සංචාරකයා සහභාගී වුවහොත් සංචාරකයා තනිවම හෝ වෙනත් ප්‍රවාහනයකින් පැමිණියේ නම් රු. 1,200 ක අමතර ආදායමක් හිමිවේ. ඔබේ ප්‍රවාහන පහසුකම් සපයා යොමු කළේ නම් රු. 3,600 ක අමතර ආදායමක් හිමිවේ.

ලැබෙන අමතර ආදායම ලබාගන්නේ කෙසේද

මෙම මුදල ආයතනය වෙනුවෙන් සෘජුවම ලබාගැනීමට හෝ සේවකයින් අතර බෙදාගැනීම සඳහා Common Pool එකකට ලබාගැනීමට හැකියාව ඇත. ආයතනයේ කැමැත්ත අනුව Hello Sri Lanka මගින් ගෙවීම් සිදු කරනු ලබයි.

Booking එකක් සිදු වූ බව මම දැනගන්නේ කෙසේද

සංචාරකයා ඔන්ලයින් හරහා Booking එක confirm කළ සැනින් Hello Sri Lanka WhatsApp පද්ධතිය හරහා ඔබට ඒ පිළිබඳ පණිවිඩයක් ක්ෂණිකව පැමිණේ.

මා ලැබූ ආදායම පිළිබඳ දැනුවත් වන්නේ කෙසේද

සංචාරකයා නියමිත දිනයේදී අත්දැකීම ලබා අවසන් වූ සැනින් ඔබට හිමි වූ මුදල සහ එය ගිණුමට බැර වන දිනය පිළිබඳ තොරතුරු WhatsApp මගින් ක්ෂණිකව ඔබට එවනු ලැබේ.

අදම Hello Sri Lanka Partner කෙනෙකු වන්න

නොමිලේ ලියාපදිංචි වී ඔබේ QR Code එක ලබාගෙන ඔබේ සංචාරකයින්ට වටිනා අත්දැකීම් හඳුන්වා දෙමින් අමතර ආදායමක් උපයාගන්න.

ඔබේ සංචාරකයින්ට පරිසර හා සමාජ හිතකාමී වටිනා අත්දැකීමක් ලබාදෙන ගමන්ම ඔබේ ව්‍යාපාරයටත් කිසිදු අමතර වෙහෙසකින් තොරව අමතර ආදායමක් උපයාගන්න. මේ සියලුම කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු Hello Sri Lanka ආයතනයෙන් ලබාගත හැක.